මෙරටට ගෙන ආ බස් රථ 80ක් වසර 7ක් තිස්සේ අදාළ කමිටු විසින් ලබාගැනීමට ඉඩනොදී නිකරුණේ ගාල් කර තැබීම සම්බන්ධයෙන් ලබන සතියේදී තීන්දුවක් ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය මත ගෙන්වා ඇති මෙම බස් රථ අදාළ ප්‍රසම්පාදන කමිටු විසින් විවිධ හේතු දක්වමින් ප්‍රයෝජනයට ගැනීමට ඉඩනොදීම තමාට ද ගැටලුවක් වී ඇති බවයි.
ලබන සතියේදී මෙම බස් රථ පරීක්ෂා කර බලා, මෙතෙක් ඒවා ගාල් කර තැබීම පිළිබඳ හේතු සොයාබලා ඒවා ධාවනයට යෙදවීමට අවශ්‍ය ඉතිරි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී පැවසීය.
“පාසල් සේවා සඳහා අපි නව බස්රථ වැඩපිළිවෙලක් නියමු ව්‍යාපෘතියක් විදියට ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. පැරණි බස් රථ නැවත සකස් කොට ධාවනයට යොදන බස්රථ 800කට බැටරි ලබාගැනීමට ප්‍රශ්නයක් තිබුණා. විදේශ මුදල් අර්බුදය යටතේ. ගිය සතියේ තමා ඒවා විසඳන්න පුළුවන් වුණේ. අවුරුදු 7ක් ගතවෙලාත් අශෝක් ලේලන්ඩ් රාජ්‍ය සමාගමක් මගින් ගෙනා බස් රථ 80ක් ගෙනත් ගාල් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලය මගින් මේවා ගන්න අවසර පවා නිකුත් වෙලා තිබියදී කුමක් හෝ හේතු නිසා මේක ගන්න දෙන්නේ නෑ. තාම ඒ සඳහා ප්‍රසම්පාදනය වෙන කමිටු විසින් මේක ගන්න දෙන්නේ නෑ එක එක කතන්දර කියනවා. මම බලාපොරොත්තු වෙනවා එතනට ගිහිල්ලා බලලා කැබිනට් මණ්ඩලයට මේ ගැන දන්වන්න. මේකෙන් මම නියමු ව්‍යාපෘතියක් කරන්න සූදානම් වුණේ. ඒ බස් ටික ගන්න අනුමැතිය දෙන්නේ නෑ තාක්ෂණික කමිටුවලින්. මට තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා. අපිට විශාල වාසි තියෙනවා මේකෙන්. මේක අපිට අලුත් විනිමය අනුපාතිකයට නෙවෙයි මේක දෙන්න හදන්නෙත් පරණ විනිමය අනුපාතිකයට. මේක අපිට ගොඩක් වාසියි. මේක ලබන සතියේ ක්‍රියාත්මක වෙන්න අපි බලාපොරොත්තු වෙනවා.”