තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදේශිකයන්ට වැඩි මිලට ඔන්ලයින් දුම්රිය ප්‍රවේශපත්‍ර විකිණීමේ ජාවාරමක් හෙළිවේ

    විදේශිකයන්ට වැඩි මිලට ඔන්ලයින් දුම්රිය ප්‍රවේශපත්‍ර විකිණීමේ ජාවාරමක් හෙළිවේ

    මෙරට සංචාරයකරන විදේශිකයන්ට ඔන්ලයින් දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩිමිලට අලෙවි කිරීමේ ජාවාරමක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් හෙළිකරගෙන තිබේ.

    මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් රුපියල් 2600ක් වටිනා දුම්රිය ප්‍රවේශපත්‍රයක් රුපියල් 7300කට මෙරට සංචාරයේ නිරතව සිටින විදේශ යුවලකට අලෙවි කිරීමකදී මහනුවර දුම්රිය පොල ආරක්ෂක නිලධාරීන් විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ජාවාරම හෙළිවී ඇත.

    මෙම පුද්ගලයා සංවිධානාත්මකව අන්තර් ජාලයෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවාගන්නා බවත් වැඩිමිලට විකුණන්නේ එම ප්‍රවේශපත්‍ර බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ.

    අන්තර් ජාලයෙන් ඔන් ලයින් ක්‍රමයට ප්‍රවේශපත්‍ර ඔහු වෙන් කරන්නේ වැඩි තදබදයක් ඇති දුම්රියන් සම්බන්ධයෙන් බවද අනාවරණය වී ඇත.

    මෙසේ මෙම පුද්ගලයා වැඩි මිලට අලෙවිකර ඇත්තේ මහනුවර සිට කොළඹ බලා ධාවන වන නගරාන්තර දුම්රිය ප්‍රවේශ පත්‍රයකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img