තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එක දුරකතන අංකෙට වාහන කිහිපයක් ඉන්ධන පාස් එකට ඇතුළු කරන්න දැන් පුළුවන්

    එක දුරකතන අංකෙට වාහන කිහිපයක් ඉන්ධන පාස් එකට ඇතුළු කරන්න දැන් පුළුවන්

    රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාරවලට දැන් එක් ජංගම දුරකථන අංකයකින් හෝ ජංගම දුරකථන අංක කිහිපයකින් ඉන්ධන අවසර පත්‍රය සඳහා වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කළ හැකි පරිදි අවස්ථාව සලසා තී තිබේ.

    රජයේ ආයතනවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංක පිළිබඳ මාර්ගෝපදේශ ලබා දෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඒ අනුව එක් ජංගම දුරකථන අංකයක් සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංක කාණ්ඩය යටතේ වාහන කිහිපයක් ලියාපදිංචි කිරීමේ විශේෂාංගය දැන් සක්‍රීය කර ඇත.

    ඒ සඳහා https://fuelpass.gov.lk/ වෙත ගොස් ව්‍යාපාර ලියාපදිංචි අංකය යටතේ 1 වන වාහනය ලියාපදිංචි කර, ඉන්පසු ලියාපදිංචි ජංගම දුරකථනය සමඟ සිය ගිණුමට ලොග් වී, බහු වාහන සඳහා add බොත්තම ක්ලික් කිරීමෙන් වාහන කිහිපයක් මෙලෙස ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි කිරීමේ හැකියාව පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img