තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"චීන නැවට එන්න දෙන්න"- ස්වාධීන පක්ෂ එකමුතුව කියයි

    “චීන නැවට එන්න දෙන්න”- ස්වාධීන පක්ෂ එකමුතුව කියයි

    ආන්දෝලනයකට තුඩු දී ඇති චීන ‍නෞකාවට, පෙර දී අවසර ලබාදී තිබූ පරිදි හම්බන්තොට වරායට ඇතුළුවීමට අවශ්‍ය පියවර ගන්නා ‍ලෙස ඉල්ලා සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි.

    අන් රටවල් සමඟ පවත්නා සබඳතා, ශ්‍රී ලංකා – චීන සබඳතාවලට හානි නොවන ආකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජයට බලකර සිටින බව ද එම එකමුතුව නිවේදනය කර සිටී.

    මෙම නෞකාව මගින් ඉන්දියාවේ සංවේදී තොරතුරු රැස්කරගැනීමට හැකි බැවින් හම්බන්තොට වරායට ඇතුළුවීමට එයට අවසර නොදෙන ලෙසත් ඉල්ලා ඉන්දියානු හා ඇමරිකානු තානාපති අංශ විසින් රජයට දැඩි බලපෑමක් එල්ල කළ බව ද පැවසෙන්නේ යැයි ස්වාධීන පක්ෂ එකමුතුව කියා සිටී.

    ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දෙන්නේ චීනය හා ඉන්දියාව බැවින් ඉන්දියාව මෙන්ම, චීනය සමඟ අනවබෝධතා, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ විරසක වීම්, අප රටට ඔරොත්තු නොදෙන බව ද ස්වාධීන පක්ෂ එකමුතු අවධාරණය කර සිටී.

    එම එකමුතුව විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

    ස්වාධීන පක්ෂ හදිසි මාධ්_ය නිවේදනය
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. යටින් ජරාව කාල ඉන්නවා. නැතිනම් පස්සේ සලකන්නම් කියන්න ඇතිද.
      මෙච්චර කාල මදිවට තවත් රට කන්න බලනවා

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img