තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරියේදි එළවළු මිල තවත් ඉහළට

    ඉදිරියේදි එළවළු මිල තවත් ඉහළට

    මේවනවිට වෙළෙඳපලේ එළවළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 ඉක්මවා ඇතැයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව සඳහන් කරයි.

    එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඉදිරියේදි එළවළු මිල තවත් ඉහළ යා හැකි බවයි.

    පසුගිය දිනවල බලපෑ අයහපත් කාළගුණික තත්ත්වය මෙන්ම ඉන්ධන අර්බුදය හේතුවෙන් නිසි පරිදි ප්‍රවාහන පහසුකම් නොමැතිවීම මෙම තත්ත්වයට හේතුව බව ඔහු සඳහන් කරයි.

    මෙම අර්බුද හේතුවෙන් වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන ලෙස එළවළු සැපයීම කළ නොහැකි බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img