සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ රට තුළ පැවති විවිධ උද්ඝෝෂණ හා ඉන්ධන පෝලිම්වල ආරක්ෂාවට පොලිස් හා විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට සිදුවීම හේතුවෙන් පාතාල ක්‍රියාකාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සම්බන්ධයෙන් අවධානය අඩු වූ බවය.
එහෙත් මේ වනවිට එම තත්ත්වයන් සමනය වෙමින් පවතින බැවින් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායම් වශයෙන් අදාල මෙහෙයුම් සඳහා යෙදවීමට පියවර ගත් බව ඔහු පැවසීය.