මෙරට බඩඉරිඟු වගා කරනු ලබන සියලුම ගොවීන් ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙරට සියලුම ගොවීන් හා තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතියක් සහිත GEO- GOVIYA යෙදවුමෙහි එක් අංශයක් ලෙසයි
මෙම විද්යුත් ලියාපංචිය සිදුවන බවයි.
මෙමගින් අප රටේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් සංඛ්‍යාව, ඔවුන්ට අවශ්‍ය යුරියා පොහොර ප්‍රමාණය, ඔවුන් වගා කරන ඉඩමි ප්‍රමාණය, ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය, එම වගා බිම් පිහිටි නිවැරදි ස්ථානය ආදි සියලු තොරතුරු පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතී.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ඉදිරි මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක පමණ බඩ ඉරිඟු වගා කිරීමට සැළසුම් කර ඇති බවයි.
මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය මෙ. ටොන් 450,000ක් පමණ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.