තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයෙන් තවත් වෛරසයක්

    චීනයෙන් තවත් වෛරසයක්

    නැගෙනහිර චීනයෙන් සතුන්ගෙන් බෝවන නව වෛරසයක් ආසාදනය වූ පුද්ගලයින් පිරිසක් සොයා ගැනීමට විද්‍යාඥයින් හට හැකියාව ලැබී තිබේ.

    ඒ අනුව මෙම නව වෛරසය Novel Langya henipavirus (LayV) හදුනාගෙන ඇති අතර මේවන විට නැගෙනහිර චීනයේ ශැංඩොන්ග් සහ හෙනාන් ප්‍රාන්තවලින් අදාල වෛරසය වැළඳුනු පුද්ගලයින් 35 දෙනෙකු හඳුනාගෙන ඇත.

    අදාල වෛරසය වැළඳුනු බහුතරයකට අධික උණ, තෙහෙට්ටුව සහ කැස්ස පවතින බවටද වෛද්‍යවරුන් පවසයි. මෙම පිරිසට සතුන්ගෙන් සෘජුවම වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරන අතර වෛරසය තවමත් මිනිසාගෙන් මිනිසාට පැතරයාමක් පෙන්නුම් නොකරන බවද විද්‍යාඥයින් පෙන්වා දෙයි.

    ඒ අනුව මෙම වෛරසය මීයන්ට සමාන කුඩා ක්ෂීරපායි සතෙකුගෙන් බෝවන බවට දැනට අනාවරණය වී ඇති බවද විද්‍යාඥයින් පවසයි.

    මෙම සොයා ගැනීම චීනය, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාවේ පර්යේෂකයන් විසින් පසුගියදා පළකළ පර්යේෂණ ලිපියකින් මුල් වරට අනාවරණය කර තිබිණි.

    එහිදී සිංගප්පූරුවේ Duke-NUS වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයෙකු වන වැන්ග් ලින්ෆා චීනයේ රාජ්‍ය ග්ලෝබල් ටයිම්ස් වෙත පවසා ඇත්තේ මෙතෙක් සොයාගෙන ඇති LayV වෛරසයට අදාල සිද්ධීන් මාරාන්තික හෝ ඉතා බරපතල නොවන බවත්, එබැවින් අනවශ්‍ය බියක් ඇති කරගැනීමට අවශ්‍යතාවක් නොමැති බවත්ය.

    කෙසේ වෙතත්, වැන්ග් මෙහිදී පවසා ඇත්තේ ස්වභාවධර්මයේ පවතින බොහෝ වෛරස් මිනිසුන්ට ආසාදනය වන විට අනපේක්ෂිත ප්‍රතිඵල ලබා දෙන බැවින් තවමත් අවදියෙන් සිටිය යුතු බවයි.

    මේ අතර විද්‍යාඥයින් පවසන අන්දමට පරීක්‍ෂා කරන ලද සැකකාර කුඩා ක්ෂරපායී සතුන්ගෙන් සියයට විසි හතකට මෙම වෛසරය ආසාදනය වී ඇති බවට සොයාගෙන ඇති බවයි.
    එමෙන්ම මෙම වෛරසය පරීක්ෂා කළ බල්ලන්ගෙන් 5% කට සහ එළුවන්ගෙන් 2% කට අසාදනය වී ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img