තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝල්ෆේස්වලින් යවන්න එපා කියා උසාවි ගිය අරගලකරුවන් පෙත්සම් අයින් කරගනී

    ගෝල්ෆේස්වලින් යවන්න එපා කියා උසාවි ගිය අරගලකරුවන් පෙත්සම් අයින් කරගනී

    ගාලුමුවදොර අරගල භූමියෙන් නීතිවිරෝධි ඉදිකිරීම් ඉවත්කරන ලෙසට පොලීසිය අරගලකරුවන්ට කළ දැනුම් දීම බලරහිත කරන ලෙස ඉල්ලා අරගලකරුවන් සිව් දෙනෙක් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත්කර තිබුණු රීට් පෙත්සම් 04ක් අද පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කර ගත්තේය.

    ඒ එම රීට් පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ඉදිරියේ කැවනු ලැබී අවස්ථාවේදීය.

    තම සේවා දායකයින් ගාලුමුවදොර ප්‍රදේශයෙන් ඉවත්වීමට තීරණයකර ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි එම්.ඒ. සුමන්තිරන්, සාලිය පීරිස් යන ජනාධිපති නීතීඥවරුන් ඇතුළු පිරිසක් එහිදී අධිකරණය හමුවේ සඳහන් කළේය.

    අරගලකරුවන් අරගල භුමියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් තවදුරටත් අරගල භූමියේ කූඩාරම් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බැවින් ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම්වලට අගතියක් නොවන ලෙස පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට මෙහිදී පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීමට නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් සිල්වා මහතාද පොලිස්පති සහ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සේලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහත්වරුගේ විරුද්ධත්වයක් නොවීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img