fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නවසීලන්තයේ රැකියා අවස්ථා ගැන හරියටම දැනගන්න මධ්‍යස්ථානයක්

    නවසීලන්තයේ රැකියා අවස්ථා ගැන හරියටම දැනගන්න මධ්‍යස්ථානයක්

    නවසීලන්තයේ දැනට පවතින රැකියා අවස්ථා, සුදුසුකම් සහ අයදුම් කළයුතු ආකාරය මෙන්ම අනෙකුත් සියලුම සංක්‍රමණික තොරතුරු ලබාගත හැකි සම්පත් මධ්‍යස්ථානයක් (Resource Centre) මෙරට ස්ථාපිත කරන බවට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙත සහතික වී තිබේ.

    නවසීලන්තයට සංක්‍රමණය වීමට බොහෝ ශ්‍රී ලාංකිකයන් උත්සාහ අතර ශිෂ්‍ය සහ සංචාරක වීසා සඳහාද සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත් වෙයි.

    මෙහිදී ශ්‍රමිකයින්ට සහ සංක්‍රමණය වීමට අපේක්ෂා කරන පිරිස් සඳහා අවශ්‍ය තොරතුරු මෙම සම්පත් මධ්‍යස්ථානය හරහා ලබාගැනීමට හැකිය.

    නවසීලන්තයේ ආර්ථික සංවර්ධන උපායමාර්ග, ඒවා රටේ සංවර්ධනයට යොදාගෙන ඇති ආකාරය, කම්කරු නීතිය, වෘත්තීය සමිති සමග කටයුතු කරන ආකාරය, සියලු පාර්ශ්වයන් රටේ සංවර්ධන දිශානතියට යොදා ගන්නා ආකාරය, වර්තමානයේ ශ්‍රි ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඒවා උපයෝගී කර ගත හැකි ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.

    අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් මෙරට තරුණ තරුණියන්ට නවසීලන්තයේ නීත්‍යනුකූල ව රැකියා ලබාදීම පිළිබඳ මහකොමසාරිස්වරයාගේ විශේෂ අවධානයට යොමු කරන ලදි.

    අතිවිශාල මුදලක් අයකරමින් නවසීලන්තයට වීසා දෙන බව පවසා ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය භාවිත කරමින් සිදුකරන බරපතල වංචා සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වයේ ම අවධානයට ලක් කෙරුණි.

    ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ ට්‍රැවලර් මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.