තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අබුඩාබි ඉඳන් ආ කතට ලක්ෂ 40ක රට සිගරට් කටුනායකින් පන්නන්න බැරිවෙයි

    අබුඩාබි ඉඳන් ආ කතට ලක්ෂ 40ක රට සිගරට් කටුනායකින් පන්නන්න බැරිවෙයි

    රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා දුම්වැටි තොගයක් නීති විරෝධිව අබුඩාබි සිට මෙරටට රැගෙන පැමිණි ගුවන් මගියෙකුව කටුනායක ගුවන් තොටුපොලේදි අද අලුයම රේගුවට හසුවී තිබේ.

    අබුඩාබි සිට අද අලුයම 3.30 ට පමණ පැමිණි ගුවන් යානයකින් මෙම දුම්වැටි තොගය රැගෙන විත් ඇත.

    දුම්වැටි 50,000ක් තිබී ඇති අතර ඒවා රැගෙන විත් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් හී පදිංචිව සිටින කාන්තාවකි. ඇයව සිය භාරයට ගෙන ඇති රේගු නිලධාරීන් සිගරට් තොගය රාජසන්තක කිරීමට පියවර ගෙන තිබේ. දඩයක් ගසා ඇයව මුදා හැරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img