fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොට්ඨාස 66ක් ඩෙංගු අධි අවදානම්

    කොට්ඨාස 66ක් ඩෙංගු අධි අවදානම්

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 66 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එම ඒකකය සඳහන් කළේ, මීරිගම, වාද්දුව, අක්මීමන, බලපිටිය, හබරාදූව, හම්බන්තොට, වැලිගම, කුලියාපිටිය හා වරකාපොළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශවල තවදුරටත් ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

    පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු මදුරු කීට ගහනය ද ඉහළ ගොස් තිබේ.

    වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 48351 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තෙ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

    එම සංඛ්‍යාව 12441 ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.