තවත්
    මුල් පිටුවspecialහිටපු ජනාධිපතිගේ නිවස වටලයි

    හිටපු ජනාධිපතිගේ නිවස වටලයි

    ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවස එෆ්බීඅයි ආයතනයේ නිලධාරින් පිරිසක් විසින් වටලා ඇතැයි වාර්තාවේ.

    ෆ්ලෝරිඩා හී පිහිටි තම නිවසට එෆ්.බී.අයි ආයතනයේ නිලධාරීස් විශාල පිරිසක් පැමිණ හදිසියේම වැටලීමක් කර ඇති බවත් එහිදී නිවසේ තිබූ සේප්පුවක්ද විවෘත කර ඇති බවද හිටපු ජනාධිපති ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

    මෙම වැටලීම හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් පසුව විශ්‍රාම යෑමේදී රජයට භාරදිය යුතු ලිපි ගොනු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවලට අදාල බවද ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. මේ අතර වොෂින්ට‍න් හී පිහිටි එෆ්.බී.අයි ආයතනයේ මූලස්ථානයද මේ සම්බන්ධයේ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

    තම නිවස වැටලීම අනවශ්‍ය ක්‍රියාවක් බවද තමන් අදාල බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

    මෙම වැටලීම සිදුවන විට හිටපු ජනාධිපතිවරයා එම නිවසේ රැදී නොසිටි අතර ඔහු නිව් යෝක් හී පිහිටි ඔහුට අයත් ට්‍රම්ප් ටවර් හී රැදී සිට ඇත බව ෆොක්ස් පුවත් සේවය අනාවරණය කරයි.

    එක්සත් ජනපද නීතියට අනුව පුද්ගික නිවසක් වැටලීමට විනිසුරුවරයෙකුගේ අනුමැතිය සහිත වරෙන්තුවක් සතුවිය යුතු අතර මෙවැනි වැටලීමකට එෆ්.බී. අයි ආයතනයේ අධ්‍යක්ෂක සහ නීතිපතියේ අනුමැතියද හිමිවිය යුතු බවට රොයිටර් පුවත්සේවය සඳහන් කරයි.

    සිද්ධිය සැලවීමත් සමඟ ෆ්ලොරිඩා හී ට්‍රම්ප් හට සහය පළකරන්නන් විසින් අදාල නිවස අසලට පැමිණ සිට ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

    මෙම සිදුවීම මූලික වශයෙන්ම හේතුවී ඇත්තේ ට්‍රම්ප් ජනාධිපතිවරයා එම ධුරයේ ඉවත්ව යෑමෙන් පසුව එතෙක් ඔහු සතුව තිබූ අතිශය රහසිගත තොරතුරු යලිත් භාරදීම නොකළ බවට ලේඛනාරක්ෂක ඩේවිඩ් ෆෙරීරෝ විසින් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම විමර්ශන ආරම්භ විය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img