fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවයේ තරුණ විධායක නිලධාරීන්ට ජපාන රජයෙන් අගනා අවස්ථාවක්

    රාජ්‍ය සේවයේ තරුණ විධායක නිලධාරීන්ට ජපාන රජයෙන් අගනා අවස්ථාවක්

    රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා ජපාන රජය රුපියල් මිලියන 760 ක ආධාරයක් ලබා දී තිබේ.

    මෙරට රාජ්‍ය සේවයේ නියුතු තරුණ විධායක නිලධාරීන් ජපන් රටේ විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධිය හෝ ආචාර්ය උපාධිය හැදෑරීමට මෙම මුදල් ලබාදී තිබෙන අතර 2023 වසරේ සිට 2025 අවුරුදු දෙකක කාලයක් සඳහා මෙරට රාජ්‍ය නිලධාරීන් 17 දෙනෙකුට ජපන් රටට යාමට අවස්ථාව සැලසේ.

    ජපානය දීර්ඝකාලීන මිතුරකු ලෙස ලංකාවේ වේගවත් තිරසර ආර්ථික සංවර්ධනය ළඟාකරගැනීම උදෙසා මෙම ශිෂ්‍යත්ව ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය කියයි.

    මෙම වැඩසටහන 2010 වර්ෂයේ සිට මේ දක්වා රාජ්‍ය අංශයේ නිලධාරීන් 188 දෙනෙක් උදෙසා ශිෂ්‍යත්ව ලබා දී තිබෙන බවද ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය කියයි.

    මෙම ව්‍යාපෘතිය තුළින් තනි පුද්ගල ධාරිතා සංවර්ධනය පමණක් නොව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ආයතනවල ධාරිතාව ද ඉහළ නැංවීම අරමුණ බව ද එම තානාපති කාර්යාලය කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.