තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'දැන්ම එන්න එපා' යැයි චීන නැවට රජය දැනුම් දෙයි

    ‘දැන්ම එන්න එපා’ යැයි චීන නැවට රජය දැනුම් දෙයි

    සමාජයේ කතාබහට ලක්ව ඇති හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිත යුආන්ග් වැන්ග් 5 චීන නෞකාව හම්බන්තොට වරායට පිවිසීම කල් දමන ලෙස මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී තිබේ.

    ඉන්ධන නැවත පිරවීමේ කටයුතු සඳහා ලබන 11 සිට 17 දින දක්වා එම නැව හම්බන්තොට වරායට පිවිසීමට සැලසුම් කර තිබුණි.

    චීන නෞකාව සඳහා වූ රාජ්‍යතාන්ත්‍රික අනුමැතිය, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත පසුගිය ජූලි 12 වැනි දින දැනුම් දෙන ලදී.

    කෙසේවෙතත් වැඩිදුර උපදේශන ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින්, එම නෞකාව පිවිසීම කල්දමන ලෙස මෙලෙස දැනුම් දී ඇත.

    පසුගිය 04 වැනි දින කාම්බෝජයේ නොම් පෙන් හි දී පැවති ද්විපාර්ශ්වික හමුවක් අතරතුර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ චීන විදේශ කටයුතු අමාත්‍ය වන්ග් යී මහතා අවධාරණය කළ පරිදි, ශක්තිමත් පසුබිමක් මත පදනම්ව ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා චිරස්ථායි මිත්‍රත්වය සහ විශිෂ්ට සබඳතා යළි තහවුරු කිරීමට අපේක්ෂාවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

    විදේශ කටයුතු අමාත්‍යවරුන් අතර පවත්වන ලද මෙම ප්‍රථම හමුවේ දී, චීන විදේශ ප්‍රතිපත්තියේ ස්ථාවර මූලධර්මයක් බවට පත්ව ඇති ‘එකම චීනයක්’ නමැති ප්‍රතිපත්තිය සඳහා ශ්‍රී ලංකාව තුළ පවත්නා දැඩි කැපවීම පිළිබඳව අලි සබ්‍රි මහතා විසින් සඳහන් කරන ලද බව ද විදේශ කටයුතු අමාතයාංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img