fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටු මන්ත්‍රී ඝාතනයට උදව් දුන් ජිලේගේ ගෝලයා හඳුනාගනී

    පොහොට්ටු මන්ත්‍රී ඝාතනයට උදව් දුන් ජිලේගේ ගෝලයා හඳුනාගනී

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් මහතාට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුට නවාතැන් පහසුකම් සපයා ඇත්තේ කොළොන්නාවේ පදිංචිකරුවෙක් බවට තොරතුරු හෙළිවී තිබේ.

    එම සැකකරු ඩුබායි හී රැදී සිටින ජිලේ නැමැති පාතාලයේ අපරාධකරුගේ කුඩු සල්ලි එකතුකර ඩුබායි වෙත උණ්ඩියල් කරන පුද්ගලයෙක් බව පොලීසිය කියයි. ජිලේ ඒ වෙනුවෙන් මෙම පුද්ගලයාට මාසිකව වැටුපක් පවා ගෙවන බව අනාවරණය වී ඇත.

    මේ වන විට මෙම සැකකරු නිවසින් අතුරුදන්ව සැඟව සිටින බව පොලීසිය කියයි.

    ජිලේ නැමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරු මේ වන විට සිටින්නේ ඩුබායි රටේය. ඔහු හරක් කටාගේ ගෝලයෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.