fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිවැසියන් බැඳතබා කොටහේනේ ව්‍යාපාරිකයෙකුගේ නිවෙස කොල්ලකාලා

    නිවැසියන් බැඳතබා කොටහේනේ ව්‍යාපාරිකයෙකුගේ නිවෙස කොල්ලකාලා

    කොටහේන බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගෙ නිවසට අද දහවල් ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙක් නිවෙස් හිමියන් බිය ගන්වා රුපියල් කෝටි දෙකකට ආසන්න රන් භාණ්ඩ හා මුදල් තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි කොටහේන පොලීසිය කියයි.

    මෙම කොල්ලකරුවන් විසින් රුපියල් කෝටි එකහමාරකට ආසන්න රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මුදල් තොගයක් මෙලෙස පැහැර ගෙන ගොස් තිබේ.

    ටයිල් ව්‍යාපාරයක් සිදු කරන නිවෙස් හිමියාගේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනා එම යුවල කාමරයක දමා ඔවුන්ට තර්ජනය කර මුදල් හා රන් භාණ්ඩ ලබා ගෙන පලාගොස් ඇතැයිද පොලීසිය කියයි.

    කොල්ල කරුවන් දෙදෙනා අඹු සැමි යුවළ කාමරයට රැගෙන ගොස් ගිනි අවි තිබෙන බවට ඒත්තු ගන්වා තර්ජනය කළ බවට ඔවුන් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

    කොල්ලකරුවන් නිවසින් පිටව යන අවස්ථාවේදී අඹුසැමි යුවළ කාමරයේම හිඳුවා එහි දොර වසා දමා ගොස් තිබූ බවට පොලීසිය සඳහන් කරයි.

    අදාල කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි කොටහේන පොලීසිය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.