fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට සිට විදුලි බිල වැඩි වෙන හැටි

    හෙට සිට විදුලි බිල වැඩි වෙන හැටි

    විදුලිය ගාස්තු හෙට(08) සිට 60% – 70% අතර ප්‍රමාණයකින් ඉහළ නගින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

    විදුලිය ගාස්තු ඉහළ නංවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය කීපවතාවක් ඉල්ලීම් කළද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අවසර ලබා නොදුන්නේය.

    විදුලි ඒකක 0-30ත් අතර විදුලිය පරිභෝජනය කරන පිරිසකගේ විදුලිය ගාස්තුව 835% කින්ද 31-60ත් අතර 673% කින් ද 61-90%ත් අතර 276%කින් සහ 90%ට වැඩි අයගේ 126%කින්ද විදුලි ගාස්තු ඉහළ නැංවීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර තිබිණ.

    ඒ අනුව එම ඉල්ලීම් සලකා බලා පොදුවේ විදුලිය ගාස්තු සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයකින් හෙට සිට ඉහළ නැංවීමට අවසර ලබා දෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

    මීට පෙර විදුලිය ගාස්තු අවසන් වරට සංශෝධනය වී ඇත්තේ 2014 වසරේ වන අතර එහි දී විදුලි ගාස්තුව 25%කින් අඩු කිරීමට පියවර ගෙන තිබිණ.

    2014 සිට මේ දක්වා විදුලිය ගාස්තු සංශෝධනයක් සිදු වී නොමැත.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.