fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතොස අලෙවිසැල් කඩා කෝටි 2කට වැඩි බඩු හොරු අරන්

    සතොස අලෙවිසැල් කඩා කෝටි 2කට වැඩි බඩු හොරු අරන්

    ගෙවී ගිය මාස දෙකක කාලය තුළ දී ලංකා සතොස වෙළෙඳසල් පහක් හොරු කඩා ඇතැයි ලංකා සතොස ආරංචි මාර්ග සඳහන් කරයි.

    සීදුව, මොරටුව, කොළොන්නාව, මුල්ලේරියාව සහ අතුරුගිරිය යන ලංකා සතොස වෙළඳසැල් ඉකුත් මාස දෙක ඇතුළත සොරු කඩා තිබූ බවද ආරංචි මාර්ග කියයි.

    සිදූව වෙළඳසැලෙන් රුපියල් ලක්ෂ 68ක ද අතුරුගිරිය වෙළෙඳසැලෙන් රුපියල් ලක්ෂ 60කට අධික භාණ්ඩ ද සොරා ගෙන ඇති අතර අනෙක් වෙළඳසැල් 3න් රුපියල් කෝටියකට අධික භාණ්ඩ සොරාගෙන ඇතැයි වාර්තාවේ.

    ඉකුත් සතියේ දී අතුරුගිරිය ශ්‍රී ලංකා සතොස ශාඛාව සොරු කඩා තිබූ අතර එය උසස් නිලධාරියකුගේ මැදිහත්වීම මත කළමනාකාරුගෙන් පලිගැනීමට කළ එකක් බවටත් අතුරුගිරියේ ශාඛාවේ මීට ඉහත සිදුව ඇතැයි කියන විනිවිද භාවයකින් තොර ගනුදෙනුවල දී සිදුව ඇති භාණ්ඩවල අඩුව පිරිමසා ගැනීමට කළ දෙයක්ද යන්න පිලිබඳවත් ලංකා සතොස සේවකයන් අතර සැක මතු වී තිබෙන බවද සඳහන්ය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.