fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජල -විදුලි සබඳතා අලුතෙන් දීම තාවකාලිකව අත්හිටුවයි

    ජල -විදුලි සබඳතා අලුතෙන් දීම තාවකාලිකව අත්හිටුවයි

    නව සබඳතා සඳහා අවශ්‍ය උපකරණ තොග හිඟවීම හේතුවෙන් විදුලි හා ජල සබඳතා අලුතින් ලබාදීම තාවකාලිකව සීමා කර තිබේ.

    ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, අදාළ උපකරණ ඇතුළු ද්‍රව්‍ය තොග මෙරටට ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වී ඇති බවයි.

    ඒ ප්‍රමාණවත් ඩොලර් නොමැතිකමයි.

    දැනට පවතින අමුද්‍රව්‍ය තොග හදිසි බිඳ වැටීම් යථාතත්ත්වයට පත් කිරීම වෙනුවෙන් පවත්වාගත යුතු බැවින් නව සබඳතා ලබාදීම තාවකාලිකව සීමා කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.