තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද වීදි සරයි

    කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද වීදි සරයි

    කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ පස් දිනක කුඹල් පෙරහරින් අනතුරුව ප්‍රථම රන්දෝලි පෙරහැර වීදි සංචාරය අද (07) පස්වරු 7.44ට වයඹ දිශාවට හැරී යෙදෙන සුබ මොහොතින් ආරම්භ වෙයි.

    ප්‍රථම රන්දොලි පෙරහරේ ගමන් මඟ වන්නේ, ශ්‍රී දළදා වීදීයේ ගමන්කර, ඩී.එස්.සේනානායක වීදීයෙන් හැරී පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදීය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය හා ඊ.එල් සේනානායක වීදීයේ ගමන්කර හරස් වීදීයෙන් ඩී.එස් සේනානායක වීදීයට පැමිණ රජ වීදීයට ඔස්සේ ඉහළටත් විත් පළමු රන්දොලි පෙරහර අවසන් වේ.

    කුඹල් පෙරහර සමාප්තිය තබමින් පස්වන කුඹල් පෙරහර දින විවිධ සාම්ප්‍රදායික නර්තන අංගයන්ගෙන් ද, රාජකාරි නිල ඇත්තන්ද පිරිවරකොට, දෙපස දැලේ බුරුමරාජා සහ මියන්ර‍ාජා ඇත් රජුන් පිරිවරා ගරු බුහුමන් මැද, ඉන්දිරාජා මංගල මංගල හස්ති රාජයා විසින් පෙරහර කරඬු වහන්සේ වැඩමවන ලදී.

    එහි ඡායාරූප පහත දැක්වෙන අතර අද පස්වරුවේ වීදි සංචාරය කරන ප්‍රථම රන්දෝලි පෙරහැරේ ගමන් මාර්ගය පහත වීඩියෝවේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img