fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ-2021 විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    උසස් පෙළ-2021 විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී නොවූ අපේක්ෂකයින් සඳහා නැවතත් එම පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    හැකි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වීමට නොහැකි වූ විභාග අපේක්ෂකයින් පෙර ඒ සඳහා මේ මස 10 වැනි දිනට පෙර ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බවට විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මාසය තුළ දීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.

    විභාග අපේක්ෂකයින් විභාග අංකය නම විෂය හා වට්ස්ඇප් සහිත දුරකතන අංකයක් ඔස්සේ එම ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.

    විභාග දෙපාර්තමේන්තුවේ 0718156717 ජන වට්ස්ඇප් අංකයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට එම ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු මේ බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.