තවත්
    මුල් පිටුවspecialඅරගලකරුවෝ හැඟුම්බරව ගෝල්ෆේස් අරගල භුමියට සමුදෙති

    අරගලකරුවෝ හැඟුම්බරව ගෝල්ෆේස් අරගල භුමියට සමුදෙති

    ශ්‍රී ලංකා පොලිසිය විසින් ගාලුමුවදොර කඳවුරු බැඳ සිටි අරගලකරුවන් ඉවත් කිරීමට ගත් අධිකරණ තීන්දුව ප්‍රකාරව එම භුමියේ රැදී සිටි අරගලකරුවන් රැසක් අද සන්ධ්‍යාව වන විට ඉවත්ව යන අකාරය දැක ගැනීමට හැකිවිය.

    ඒ අනුව මීට පෙර පොලිසිය විසින් ගෝල්ෆේස් අරගල භූමියේ රැදී සිටි අරගලකරුවන් හට අද පස්වරු 5 වන විට ඉවත් වන ලෙසට දැණුම් දී තීබිණි.

    මෙම දැනුම්දීමට අනුකූලව මාස තුනකට අධික කාලයක් එම භුමියේ කඳවුරු බැඳ සිටි අරගලකරුවන් ක්‍රමයෙන් ඉවත් වන අයුරු NewaWave.lk අපි එහි කළ සංචාරයකදී දැකගතිමු.

    මෙහිදී බොහොමයක් අරගකරුවන් ඉකුත් අප්‍රේල් මාසයේදී අරගලය ආරම්භ වූ දින සිටි අඛණ්ව රැදී සිටි පිරිස විය.

    ඇතැමුන් සිය රැකියා පවා අත්හැර අරගල භූමියට එක්ව සිටි අතර ඔවුන් ගතවු කාලය පුරාවටම අරගල භුමියේ රැදි සිටීම විශේෂත්වයකි.

    මෙම පිරිස් අද දින අරගල භූමියෙන් ඉවත්ව යෑම අතිශය හැඟුම්බර දර්ශනයක් විය. බොහොමයක් දෙනා කඳුළු පිරි දෑසින් යුතුව සිය මිතුරන්ට සමුදුන් අතර ඇතැමෙක් අරගල භූමියේ ජීවිතය බෙදාගත් පිරිස සිපවැළඳ ගන්නා ආකාරයද දැක ගැනීමට හැකිවිය.

    අරගල භුමියේ රැදී සිටි පිරිස් තමන් එහි වගා කළ බෝග දෙස ද සුසුම් හෙළමින් බලා සිටින අයුරුත් එහි හටගෙන තිබූ ඵලදාව ඉතා දුක්මුසුව අතගා සමුදෙන අයුරුද හැඟුම්බර විය.

    වළාකුලින් බරව තිබු ගාලු මුවදොර ප්‍රදේශයට අද වෙනදා මෙන රක්ත වර්ණ වූ හිරු බැසයන අයුරු දිස් නොවු අතර එය භූමියේ පැවති දුක්මුසු බවට ඔබින කාලගුණ තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත්ව තිබිණි.

    ගාලු මුවදොරට එපිටින් සයුරේ හිරු ගිලෙන තුරුම අපි එහි රැදී සිටියෙමු. අන්ධකාරය ගලා එනවිට මීට පෙර කඩිගුලක් වූ ගාලු මුවදොර අරගල භුමියේ විශාල ප්‍රදේශයක් කෙමෙන් කෙමෙක් හිස්ව ගොස් ඇති අයුරුත්, මින් පෙර එහි වූවන් සිය ලිපිගිනි දැල්වූ ස්ථානවල ඉතිරි වූ අළු සහ කූඩාරම් සවිකර තිබූ බිමේ සලකුණු පමණක්, අවසානයේ දැක ගැනීමට හැකිවිය.

    ඒ අනුව මෙලෙස අරගලකරුවන් ඉවත්ව ගියද ගෝල්ෆේස් භුමිය මෙරට ඉතිහාසයේ දේශපාලන වශයෙන් සිදුකළ සුවිශේෂි හැරවුම සදහටම මතකයේ රැඳෙනු ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img