වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඔහුගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.
සමන් රත්නප්‍රිය මහතා 2020 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය.
ඒ 2015 මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද ජයම්පතී වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉල්ලා අස් වූ පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.