තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අල්ලස් චෝදනා අහවරයි - නිමල් ඇමති ධුරයේ දිවුරයි

    අල්ලස් චෝදනා අහවරයි – නිමල් ඇමති ධුරයේ දිවුරයි

    නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් තිබේ.

    ජපානයේ, “තයිසේ” සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ සලසමින් ඒ මහතා පසුගියදා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය.

    ඒ අනුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් ජූලි 22 වනදා ජනාධිපතිතුමා විසින් පත් කළ අතර එහි අවසන් වාර්තාව ජූලි 31 වනදා ජනාධිපති ලේකම්තුමා වෙත භාර දීම සිදු විය.

    එම කමිටුවේ වාර්තාව අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. මේ වයස මොකටද? රට ගෙන ඉතා වැදගත් විදියට ඇමතිධුරය ඉදිරියට ගෙන යන්න. ඔතුමාගේ පාලනයෙන් රාජ්‍ය ආයතන බොහොමයක්ම තියෙනවා රකින්න දියුනු කරන්න

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img