කන්තලේ සිට හිඟුරක්ගොඩට ඉන්ධන තොගයක් රැගෙන යමින් තිබුණු අධිශීතකරණ ලොරියක් පුද්ගලියින් තිදෙනෙක් සමඟ කන්තලේ පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඩීසල් ලීටර් 2740ක් එම ලොරියේ තිබී ඇති අතර එම ඉන්ධන කන්තලේ ලංගම ඩිපෝවෙන් මුදල් ගෙවා මිලදී ගත් බව සැකකරුවන් පවසා ඇත.
මෙම ඉන්ධන තොගය රැගෙන යමින් තිබී ඇත්තේ හිගුරක්ගොඩ ඇති මහා පරිමාණයේ හාල් මෝලකට බවද විමර්ශන වලින් හෙළිවී ඇත.
මෙසේ අවස්ථා කිහිපයකදීම මෙම ඩිපෝවෙන් ඉන්ධන රැගෙන ගොස් ඇති බව ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා තිබේ. ඒ ගැන ඩිපෝ කළමනාකරුගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ලංගම සභාපතිවරයාගේ අනුමැතියකට අනුව මෙසේ ඉන්ධන නිකුත් කර ඇති බවය.