අම්පාර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකු අද උදෑසන ඔහු නවාතැන් ගෙන සිටි තනිකඩ භට නිවාසයේදී සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩිතබාගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සහ දරා ඇත.
හිසට වැදුණු වෙඩිලෙන් බරපතල තුවාල ලැබූ එම උප පොලිස් පරීක්ෂකවරයා අම්පාර රෝහලට ඇතුලත්කර තිබේ. දැඩි සත්තාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබන ඔහුගේ මොළයට හානි සිදුව ඇති බව රෝහල් තොරතුරු සඳහන් කළේය.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා 57 වන වියේ පසුවන්නෙකි. හංවැල්ලේ පදිංචිකරුවෙක් වන ඔහුගේ දියණිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන බවද පොලීසිය කියයි.
මෙසේ මෙම නිලධාරියා සිය දිවි හානිකර ගැනීමට තැත් කළේ ඇයි දැයි ගැටළුවක් බව අම්පාර පොලීසිය සඳහන් කරයි. ස්නායු ආබාධයක් සම්බන්ධයෙන් මෙම නිලධාරීයා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය සඳහන් කරයි.
මොනයම් ගැටළුවක් තිබුණත් එය සිය දිවි හානිකර ගැනීමට තරම් උචිත නොවන කරුණක් බවත් එය සහෝදර නිලධාරීන් සමඟ කථාබහ කලේ නම් විසදුම් සොයා ගැනීමට ඉඩ තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් විමසීමේදී නැගෙනහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද මහතා සඳහන් කළේය.