තවත්
    මුල් පිටුවඅනාවරණදහඅට හැවරදි තරුණියකුත් කොවිඩ් මාරයාට බිිලිවේ

    දහඅට හැවරදි තරුණියකුත් කොවිඩ් මාරයාට බිිලිවේ

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතාගේ අත්සනින් අද (24) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    ඒ අනුව කොවිඩ් 19 වෛරස ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 638 කි.

    එම නිවේදනයට අනුව මරණ දෙකක් 21 වෙනිදාද මරණ 02 ක් 23 වෙනිදාද සිදුව ඇත. ඒ් අතර වත්තල පුද්ගලික රෝහලකට ඇතුලත්කර සිටියදී මිය ගිය 18 හැවරදි තරුණියක්ද සිටින්නීය. ඇය මියගොස් ඇත්තේ 21 වෙනිදාය. නිට්ටඹුවේ පදිංචිව සිටි 35 වියැති අයෙක්ද කොවිඩ් ආසාධිතව ඉකුත් 21 වෙනිදා මියගොස් තිබේ. මිනුවන්ගොඩ රෝහලට ඇතුලත්කර සිටි ඔහු කොවිඩ් ආසාධිතයෙක් බව හදුනා ගැනීමෙන් අනතුරුව හෝමාගම රෝහලට මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

    මහරගම පදිංචි 71 වියැති කාන්තාවක්ද 23 වෙනිදා කොවිඩ් ආසාදනයෙන් මිය ගෙගාස් තිබේ. ඇය විදෙස්ගතව පැමිණ සිය නිවසේ ස්යං නිරෝධායනයේ සිටියදී ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් දකුණු කොළඹ මහ රෝහලට ඇතුලත්කර ඇත. එහිදී ඇය කොවිඩ් ආසාධිත බව හදුනාගැනීමෙන් පසු කොතලාවල ආරක්ෂක විද්‍යාල රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    සිව් වැන්නා මියගොස් ඇත්තේ ද 23 වෙනිදාය. පන්නිපිටියේ පදිංචි 40 හැවරදි වියේ පසුවන ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් හෝමාගම රෝහලට මාරුකර යවා ඇත. මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img