තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කටුනායක කුරණ හෝටලයේ ගින්න ගුවන් හමුදාවෙන් නිවාදමයි

    කටුනායක කුරණ හෝටලයේ ගින්න ගුවන් හමුදාවෙන් නිවාදමයි

    කටුනායක, කුරණ 20 කණුව ප්‍රදේශයේ අද උදෑසන (23) ආපනශාලාවක් තුළ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්විමට ගුවන් හමුදාවට හැකිවී තිබේ.

    ඒ මීගමුව නගරසභා ගිනි නිවාරණ අංශය සහ කටුනායක ආයෝජන මණ්ඩලයේ සහයෝගය ඇතිව කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවාරණ අංශය සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුවය.

    ප්‍රදේශවාසියෙකු විසින් ලබාදුන් තොරතුරක් මත කටුනායක ගුවන් හමුදා කඳවුරට අයත් ගිනි නිවාරණ රථ දෙකක් සහ වතුර බවුසරයක් උපයෝගි කරගනිමින් මෙම ගින්න කිසිදු ජීවිතහානියකින් තොරව මැඩපැවැත්වීමට ගුවන් හමුදාව කටයුතු කර තිබුණි.

    ගින්නෙන් වෙළඳසැල් හතරක් පමණ විනාශ වී ඇත.

    මෙම මෙහෙයුම උදෑසන 03.45 සිට උදෑසන 07.00 දක්වා ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ගින්න සම්පූර්ණයෙන්ම
    මැඩපැවැත්වීමට ගුවන් හමුදාවට හැකිවිය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img