fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්Monkeypox වෛරසය ගැන WHO ලෝකයට ඉහළම අනතුර අඟවයි

    Monkeypox වෛරසය ගැන WHO ලෝකයට ඉහළම අනතුර අඟවයි

    Monkey pox රෝගය ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    වේගයෙන් පැතිරෙන මෙම රෝගය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එහි ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම මේ වනවිට සක්‍රීය කර ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය අවසන් වරට ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නිකුත් කළේ කොවිඩ්-19 ව්‍යාප්තියට ප්‍රතිචාර වශයෙන් 2020 ජනවාරි මාසයේදීය.

    යුරෝපය මෙම රෝග‍ය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානයයි. මේ වන විට පිරිමින් සමඟ ලිංගිකව එක්වන පිරිමින් ඉහළම අවදානමට ලක්ව ඇති ප්‍රජාව බවට ද ප්‍රකාශ කර ඇත.

    ලෝක සෞඛය සංවිධානය විසින් කරන ප්‍රකාශයට පත්කරන ලද මෙම දුර්ලභ නම් කිරීමෙන් අදහස් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් මෙම රෝගය ගෝලීය සෞඛ්‍යයට සැලකිය යුතු තර්ජනයක් ලෙස සලකන බවයි.

    එමෙන්ම වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමට සහ වසංගතයක් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා සම්බන්ධීකරණ ජාත්‍යන්තර ප්‍රතිචාරයක් වහාම අවශ්‍ය වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව, මේ වසරේ මේ දක්වා රටවල් 75ක් පුරා මෙම රෝගය 16,000කට වඩා වාර්තා වී ඇත.

    ජූනි අග සිට ජූලි මුල දක්වා තහවුරු වූ ආසාදන සංඛ්‍යාව 77% කින් ඉහළ ගොස් ඇත.

    මේ වසරේ අප්‍රිකාවේ මෙම වෛරසයෙන් මරණ පහක් වාර්තා වී තිබේ. අප්‍රිකාවෙන් පිටත මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.