fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් ඇමති මණ්ඩලය දිවුරුම් දීම ඇරඹේ

    අලුත් ඇමති මණ්ඩලය දිවුරුම් දීම ඇරඹේ

    අන්තර්කාලීන ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ආරම්භ වී තිබේ. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේයි.

    අමාත්‍යවරුන් සියලුම දෙනා සාමූහිකව දිවුරුම් දී ඇති අතර අත්සන් තැබීම වෙන් වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දැන් සිදුකරනු ලබයි.

    ඒ අනුව මීට පෙර සිටි අමාත්‍ය මණ්ඩලයම මෙවර ද දිවුරුම් දෙනු ඇති බවත් එක් අමාත්‍ය ධුරයක් පමණක් වෙනසක් වනු ඇති බව ද සදහන් ය.

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවූ පසුව නව අමාත්‍ය මණ්ඩලයක් යළි ස්ථාපනය කිරීමට ද අපේක්ෂිත බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.