තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනපේක්ෂිත ලෙස ආරක්ෂක අංශ කඩාවැදී ගාලුමුව දොර අරගලකරුවන්ගේ අට්ටාල ඉවත් කරයි

    අනපේක්ෂිත ලෙස ආරක්ෂක අංශ කඩාවැදී ගාලුමුව දොර අරගලකරුවන්ගේ අට්ටාල ඉවත් කරයි

    ගාලුමුවදොර අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් අවහිර වන ලෙස ඉදිකර තිබුණු ආරක්ෂක අට්ටාල අද අලුයම් කාලයේ සිට ආරක්ෂක අංශ විසින් ඉවත්කරනු ලැබීය.

    යුද හමුදාවේ පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ 1000කට වැඩි පිරිසක් පැමිණ මෙම අට්ටාල ඉවත් කිරීමට පියවර ගනු ලැබුවේ මුලින්ම ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රැදී සිටි පිරිස් ඉවත්කරමිනි.

    එහිදී ඇති වුණු උණුසුම් තත්ත්වය හමුවේ බැටන් ප්‍රහාර පවා ආරක්ෂක අංශ එල්ලකර සැළකිය යුතු පිරිසක් අත්අඩංගුවටද ගෙන ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

    ගාලු මුව දොර ප්‍රෙද්ශයට ඇතුළුවීමට සහ පිටවීමට ඇති සියළු මාර්ග පොලිස් මාර්ග බාධක යොදා අවහිර කිරීමෙන් අනතුරුව මෙම මෙහෙයුම් දියත්කරනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img