ඉන්දියාවේ නව ජනාධිපතිවරිය ලෙස පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකාව වූ ද්‍රෞපදි මුර්මූ තේරී පත්ව ඇත.
ඇය ඉන්දියාවේ ගෝත්‍රීය ජන කෝඨ්ඨාශයක් නියෝජනය කරන ප්‍රථම ජනාධිපතිවරිය ලෙසද ඉතිහාසයට එක්වේ.
මේවන විට 64 වැනි වියේ පසුවන ඇය ඉන්දියාවේ ජනාධිපතිරි ධුරයට පත් වූ 15 වැන්නා වේ. ඒ අනුව ඇය එළැඹෙන 25 වැනිදා ජනාධිපතිධුරයේ දිව්රුම් දීමට නියමිතය.
මුර්මු ඉන්දියාවේ රාජ්‍ය නායිකාව ලෙස මින් ඉදිරියේ කටයුතු කිරීමට නියමිත වුවත් ඇයට කිසිඳු විධායක බලයක් හිමි නොවේ. කෙසේ වෙතත් ඉන්දියාවේ පැවැත්වෙන් සියලුම රාජ්‍ය උත්සවවල ප්‍රධානියා ලෙස ඇය කටයුතු කරනු ඇත.
මුර්මු ප්‍රථමයෙන්ම මහජන අවධානයක් දිනාගනු බලන්නේ 2017 වර්ෂයේදීය. ඊට හේතු වූයේ ඇය එම වර්ෂයේදී භාරතීය ජනතා පක්ෂයෙන් ජනාධිපතිධුරයට තරඟ කිරීමට සූදානම් වන බවට කටකතා පැතිරයාමත් සමඟයි. ඇය එකවකට ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළාය.
1958 දී මයුර්බන්ජ් දිස්ත්‍රික්කයේ බයිදාපෝසි ගම්මානයේ උපත ලද මුර්මු ඉන්දියාවේ විශාලතම ගෝත්‍රික කණ්ඩායම්වලින් එකක් වන සන්තාල් ප්‍රජාවට අයත් වේ.
ගම්සභා ප්‍රධානියකුගේ දියණියක් වන ඇය ප්‍රාන්ත අගනුවර වන බුබනේස්වර් හි රාමදේවි කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය.
1980 සිට ඇය මහජනයාගේ සිත දිනාගත් ජනහිතකාමී මාධ්‍යවේදිනියෙකු සහ ක්‍රියාකාරිනියකු වශයෙන් කටයුතු කළාය.
ඇය කුඩා කල, ඔඩීෂා රජයේ අමාත්‍යවරයෙකු වන කාර්තික් මාජ්හි අසල ගම්මානයකට පැමිණ අවස්ථාවේදී පියා සමඟ අමාත්‍යවරයා බැලීමට පැමිණියාය. එහෙත් හදිසියේම, ඇය තම පාසල් සහතිකය වනමින් වේදිකාවට නැඟී ඇමතිවරයාට මෙසේ පැවසුවේ තමන්ටභුබනේෂ්වර් හි ඉගෙනීමට අවශ්‍ය බවයි.
කුඩා දැරියගේ උද්යෝගය පිළිබඳව අමාත්‍යවරයා කෙතරම් පැහැදුණාද යත් ඇයට ප්‍රාන්ත අගනුවර රජයේ පාසලක ස්ථානයක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඔහු තම කාර්ය මණ්ඩලයට නියෝග කළේය.
මුර්මූ සිය වෘත්තීය ජීවිතය ඔඩිෂා රජයේ ලිපිකරුවෙකු ලෙස ආරම්භ කළ අතර 1979-1983 දක්වා වාරිමාර්ග හා බලශක්ති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සහකාරවරියක් ලෙස සේවය කළාය.
පසුව ඇය යලිත් සිය උපන් ගමට පැමිණියාය. එහිදී නැන්දම්මාගේ බලකිරීම මත ඇය ශ්‍රී අරොබින්දෝ ඒකාබද්ධ පාසලේ ගුරුවරියක් ලෙස රැකියාවක් ආරම්භ කළාය.
ඇය ගුරුවරියක් ලෙස රැකියාව කිරීමට පටන් ගත්තද ඇය වැටුපක් ගැනීම ප්‍රතික්ෂේප කළාය. පාසල ඇයට පැමිණිමට වැය වන රික්ෂෝවේ මුදල පමණක් ගෙවිමට පියවරගෙන තිබිණි. ඇය එහිදී සැමවිමට එය රැකියාවක් නොව රාජ්‍ය සේවයක් බව ඇය පැවසුවාය. බැංකු නිලධාරියෙකු වන තම සැමියාගේ වැටුප පවුලේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් බව ඇය නිරන්තරයෙන් පැවසුවාය.
මේ අතර ඇයගේ දේශපාලන ජීවිතය ආරම්භ වූයේ 1997 දී ඇය රයිරන්ග්පූර් හි ප්‍රාදේශීය මැතිවරණයෙන් මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමත් සමඟය. ඇය බොහෝ විට නගරයේ සනීපාරක්ෂක කටයුතු පෞද්ගලිකව අධීක්‍ෂණය කළ අතර එහිදී සනීපාරක්ෂක කම්කරුවන් කාණු පිරිසිදු කර කසළ ඉවත් කරන ආකාරය අව්වේ සිටගෙ නීරීක්ෂණය කරන අයුරු ප්‍රදේශයේ ජනතාවට සුළභ දසුනක් විය.
භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක් ලෙස, ඇය දෙවරක් ප්‍රාන්ත සභාවට – 2000 දී සහ 2009 දී – රයිරන්ග්පූර් ආසනයෙන් තේරී පත් විය.
2000 සිට 2004 දක්වා ඇය බිජු ජනතා දාල් පක්ෂය නියෝජනය කරමින ප්‍රාන්ත සභාග ආණ්ඩුවේ ඇමතිවරියක් වූවාය. ප්‍රථමයෙන වානිජ්‍යය සහ ප්‍රවාහනය භාරව කටයුතු කළ ඇය පසුව ධීවර හා සත්ව සම්පත් අමාත්‍යංශ භාරව කටයුතු කළාය.
2006 සිට 2009 දක්වා, මුර්මු භාරතීය ජනතා පක්ෂයේ “උපලේඛනගත ගෝත්‍ර” සඳහා වන රාජ්‍ය අංශයේ සභාපතිනිය වූවාය
2009 දී ඇගේ වැඩිමහල් පුත්‍රයා ඉතා අවසානවනත් ලෙස මරණයට පත්වූ අතර වසර කිහිපයකට පසු ඇගේ දෙවැනි පුත්‍රයාද සැමියාද මරණයට පත්විය. මේත් සමඟ දැඩි කනස්සල්ලට පත්වූ ඇය කාලයක් නිහඬව ගතකළාය.
නමුත් ඇය ඒ සියල්ල මතින යලි නැගිට 2015 දී ඇය අසල්වැසි ප්‍රාන්තය වන ජාර්කන්ඩ් හි පළමු කාන්තා ආණ්ඩුකාරවරිය ලෙස පත් වුනු අතර 2021 ජූලි දක්වා වසර හයක් එම තනතුර දැරීය.