තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති රනිල්ගේ නිවසට ගිනි තැබීමේ විමර්ශනය ට සී.අයි.ඩී.ය මහජන සහය ඉල්ලයි

    ජනපති රනිල්ගේ නිවසට ගිනි තැබීමේ විමර්ශනය ට සී.අයි.ඩී.ය මහජන සහය ඉල්ලයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට හා නිල රථයට හානි කිරීම් සම්බන්ධයෙන් ජංගම දුරකතන මඟින් හෝ වීඩියෝ මගින් ලබාගත් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන තිබේ නම් ලබාදෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    071 – 8594950 දුරකතන අංකයට තමන් සතුව ඇති ඡායාරූප සහ වීඩියෝ දර්ශන වට්ස්ඇප් මඟින් යොමුකරන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වන පටුමගේ අංක 119 ස්ථානයේ ඇති පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා නිල රථයට මෙන්ම දේපොලවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව විසින් විමර්ශන පවත්වගෙන යන බවත් ජනතා සහය අපේක්ෂා කරනුයේ එම විමර්ශන සඳහා වැඩිදුර සහය සඳහා බව පොලිස් මූලස්ථානය වැඩි දුරටත් සඳහන් කරනු ලබයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img