නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ බහුදින යාත්‍රාවක නැගී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහදරමින් සිටි 33 දෙනෙක් නාවික හමුදාව විසින් අද අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් කළ සෝදිසියකදී මෙම පිරිස කොටුවී ඇත.
අත්අඩංගුවටගත් පිරිස අතර එම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක්ද සිටිති. ඒ අය සමඟ පිරිමි පුද්ගලයින් 19 දෙනෙක්ද කාන්තාවන් 09 දෙනෙක්ද ළමුන් 05 දෙනෙක්ද යාත්‍රාවේ සිට ඇත. ඔවුන් හලාවත, මාරවිල, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යව ප්‍රදේශවල පදිංචිකරුවන් බව නිවාක හමුදාව සඳහන් කළේය.