තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රනි‍ල්ගේ ගෙට ගිනි තියා රට පැන්න හිටපු නි.ඇමති පුතා ගැන තතු ඉන්ටර්පෝල්...

    රනි‍ල්ගේ ගෙට ගිනි තියා රට පැන්න හිටපු නි.ඇමති පුතා ගැන තතු ඉන්ටර්පෝල් වෙත

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මේ වන විට රටින් පිටව ගොස් සිටින  හිටපු නියෝජ්‍ය ඇමති පුතෙකුව මෙරටට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලීසියට අවශ්‍ය ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මේ වන විට යොමුකර ඇත.

    ඒ ඔහුට එරෙහිව අධිකරණය මගින් ලබාගත් රතු නිවේදන නියෝගයක් ද සමඟිනි.

    එම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමට පසු දින ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවත් පසුව එහි සිට එංගලන්තය බලා ගොස් තිබෙන බවටත් තොරතුරු ලැබී ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටට මහජනතාව රැස් කිරීමට මෙම නියෝජ්‍ය අමාත්‍ය පුතා සම්බන්ධ වී ඇති බවය. ඔහු ඒ සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී වීඩියෝවක් පවා නිකුත්කර තිබී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වීඩියෝවද සිය විමර්ශන සඳහා සාක්ෂියක් බවට පත්කරගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img