තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති ලේකම් පත්කෙරේ

    ජනපති ලේකම් පත්කෙරේ

    ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කර තිබේ.

    ඒ රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුවයි.

    ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකි. 2015 සිට 2019 දක්වා කාලය තුළ හා පසුගිය අග්‍රාමාත්‍ය ධුරය දැරූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත්තේ සමන් ඒකනායක මහතායි.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්විවද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිලිබද පශ්චාත් උපාධිය ලබා ගෙන තිබේ.

    වසර 30 ක් ඉක්ම වූ සිය පරිපාලන සේවාවේදී යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි,නිවාස, කර්මාන්ත, විදේශ හා මුදල් අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයන්හි සේවය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img