ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දී තිබේ.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ ය.
තාක්ෂණික අවහිරතාවක් හේතුවෙන් අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ සජීවී විකාශන කටයුතු ඇණහිටි බව වාර්තා වේ.
කථානායකවරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා ද මෙම අවස්ථාවට එක්විය.