රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ජුලි 25 වෙනිදා නැවත ආරම්භ කෙරුණද පාසල් පැවැත්වෙන්නේ දින තුනක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින තුනෙහිය.
බදාදා සහ සිකුරාදා යන දින දෙකෙකි නිවෙස් පාදක ඉගෙනුම් ක්‍රියාවලි සඳහා හෝ මාර්ගගත අධ්‍යාපනය සඳහා සිසුන් යොමුකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පාසැල් පැවැත්වෙන දින තුනේදී සියලුම විෂයයන් ඉගැන්වෙන පරිදි විශේෂ කාලසටහනක් ද සකස් කළයුතු බව අධයාපන අමාත්‍යාංශය පාසල් බලධාරීන් වෙත මේ වන විටත් දැනුම් දී තිබේ.
සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලය නියමිත වේලාවට පාසැල් පැමිණීම අනිවාර්යය වුවත් සාධාරණ හේතූන් මත සිදුවන නොපැමිණීම් සහ ප්‍රමාදයන් සම්බන්ධයෙන් ඔවුන් අපහසුතාවට පත් නොවන පරිදි කටයුතු කළයුතු බවත් ඇතැම් සිසු සිසුවියන්ගේ පාසල් නිල ඇඳුම් සහ පාවහන්වල අඩුපාඩු හෝ ගැටළු හේතුවෙන් ඔවුන්ගේ පාසල් පැමිණීම අධෛර්යයමත් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.