අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ මේ වනවිට පැවැත්වෙන ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියේ පළමු වටය අවසන් වී තිබේ.
පළමු වටයේදී වලංගු හා අවලංගු ඡන්ද වෙන් කෙරිණි.
ඡන්ද 225න් මන්ත්‍රීවරුන් දෙදෙනකු ඡන්දයට සහභාගි නොවීම නිසා ඡන්ද 223ක් ප්‍රකාශ විය.
ඉන් 4ක් අවලංගු ඡන්ද ලෙස ප්‍රතික්ෂේප වී ඇත.
දෙවන වටය ලෙස අපේක්ෂකයන් තිදෙනාට අයත් ඡන්ද වෙන් කිරීම සිදුවේ. දැන් ආරම්භ වී ඇත්තේ එම කාර්යයයි.
පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ මැදදී ඡන්ද ප්‍රකාශ කිරීම මෙන්ම ඡන්ද ගණනය ද සිදුවේ.