තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කළුකඩේ අලෙවි වූ බවුසර් 24ක ඉන්ධන පොලීසිය අල්ලයි

    කළුකඩේ අලෙවි වූ බවුසර් 24ක ඉන්ධන පොලීසිය අල්ලයි

    තොග රැස්කරමින් කළුකඩ මිලට අලෙවි කරමින් තිබුණු ඉන්ධන ලීටර් 162,695ක් පොලීසිය විසින් කළ වැටලීම් වලින් සොයාගෙන තිබේ.

    දිවයින පුරා කළ වැටලීම් 1077කදී සැකකරුවන් 997 දෙනෙක් සමඟ මෙම ඉන්ධන තොගය සොයාගෙන ඇත.

    අප්‍රේල් 11 වෙනිදා පෙරවරු 6.00 සිට ඊයේ අද උදෑසන 6.00 දක්වා කාලසීමාව තුළදී මෙම ඉන්ධන තොගය සොයාගෙන තිබේත

    පෙට්‍රල් ලීටර් 33,847ක්, ඩීසල් ලීටර් 109,634ක් සහ භූමිතෙල් ලීටර් 19,214ක් ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img