ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරු දෙදෙනෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.
ස්ථානාධිපතිවරු 10 දෙනාගෙන් 09 දෙනෙකුට ස්ථානාධිපතිධුර අහිමිවී ඇති අතර ඔවුන් සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත.
සාමාන්‍ය රාජකාරිවල නිරතව සිටි පොලිස් පොලිස් නිලධාරීන් 05 දෙනෙකුට ස්ථානාධිපතිධූර හිමිව තිබීමට විශේෂත්වයකි.
මෙම ස්ථානමාරු අතරින් ස්ථානාධිපතිධූරයක් රැකගැනීමට හැකියාව ලැබී ඇත්තේ එක් නිලධාරියෙකුට පමණි. ඒ වංචා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතාය. ඔහු තලංගම පොලිස් ස්ථානාධිපතිධුරයට පත්කර ඇත.