තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලනයට අලුත් සංස්කෘතියක්... ඩලස්-සජිත් සම්මුතියේ ගමන අරඹයි

    දේශපාලනයට අලුත් සංස්කෘතියක්… ඩලස්-සජිත් සම්මුතියේ ගමන අරඹයි

    අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    අනුප්‍රාප්තික ජනාධිපති ධූර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහබාගී වූ විශේෂ මාධ්‍ය හමුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම උදෙසා පැවැත්වෙන ඡන්ද විමසීම හෙට පැවැත්වෙන අතර එහිදී සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සහයෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කරනු ලැබීය.

    අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වැදීමට තීරණය කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ රටේ ජනතාවත් වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත් බව පැවැසූ ඒ මහතා මේ රටේ දේශපාලනයට සැබෑ නව සංස්කෘතියක් හඳුන්වා දීම වෙනුවෙන් කැපවන බව ද පැවසීය.

    මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්, දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යාමත් උදෙසා කැප වෙමින් මෙම තීන්දුව ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල් ඵල ගැන්වීම තමයි ඒකායන පරමාර්ථය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ඇප කැප වෙන බවද පැවසීය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img