fbpx
තවත්
    මුල් පිටුවspecialපිහි ඇණුමෙන් සමූල ඝාතනය කළ ජපාන කැස්බෑවන්

    පිහි ඇණුමෙන් සමූල ඝාතනය කළ ජපාන කැස්බෑවන්

    ජපානයට අයත් දූපකට ගෙල ප්‍රදේශයේ පිහි ඇණුම් තුවාල සහිතව මිය ගිය ගල් කැස්බෑවන් තිස් දෙනෙකු පමණ ගොඩ ගසා ඇති බවට වාර්තාවේ.
    මෙම කැස්බෑවන් ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ කුමෙජිමා දූපත වෙත ගොඩගසා ඇති බවද ජපාන බලධාරීන් පවසයි.

    කැස්බෑවන් ඝාතනය කිරීමට සැකපිට ධීවරයෙකු අත් අඩංගුවට ගෙන ඇති බව ජපාන බලධාරීන් පවසයි. සැකකරු පවසන අන්දමට සිය කැස්බෑවන් ධීවර දැල්වල පැටලීමෙන් මත්ස්‍ය අස්වැන්න පහළ බැසීම වැලැක්වීමට මෙලෙස පිහි ඇණුම් සිදු කළ බවයි.

    ‟මම සමහර කැස්බෑවන් දැල් වලින් ගලවා මුහුදට මාදා හැරියා. ඒත් ප්‍රමණයෙන් සහ බරින් විශාල කැස්බෑවන් ඉවත් කිරීම අපහසු නිස ඔවුන්ට පිහියෙන් ඇන්නා. ” යනුවෙන් අත්අඩංගුවට පත්වූ ධීවරයා පාපොච්චාරණය කර ඇති බව ජපාන මාධ්‍ය සඳහන් කරයි.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සත්ත්ව හිංසන චෝදනා සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
    ජපාන මාධ්‍ය සඳහන් කරන ආකරයට ඉකුත් සතියේ සිටපොලිස් නිලධාරීන් එම ස්ථානයට යොදවා ඇති නමුත් කිසිදු පියවරක් ගෙන තිබේද යන්න පැහැදිලි නොමැති බවයි.
    ගල් කැස්බෑවන් ජපාන බලධාරීන් සහ ගෝලීය සංරක්ෂණ කණ්ඩායම් විසින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස ලැයිස්තුගත කර ඇත.

    ඔවුන් ජපාන දකුණින් කිලෝමීටර් 2,000 (සැතපුම් 1,244) පමණ දුරින් පිහිටි කුඩා දූපත් වලින් එකක් වන කුමේජිමා දූපත ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ වැඩි වශයෙන් කාලය ගතකරයි.

    කැස්බෑවන් ගොඩගසා ඇති බව සැලවීමත් සමඟ දූපතේ පිහිටි කැස්බෑ ආරක්ෂණ මධ්‍යස්ථනයේ සාමාජිකයින් එම ස්ථානයට ගොස් ඇති අතර ඒ වන විටත් බොහෝ දෙනෙක් මරණයට පත්ව ඇති බවට වාර්තාවේ.
    මෙලෙස මරණයට පත් කැස්බෑවන් බහුතරයකගේ ගෙල ප්‍රදේශයට පිහි ඇණුම් හේතුවෙන් තුවාල සිදුව තිබී ඇති අතර තවත් කැස්බෑවන් කිහිපදෙනෙකුගේ වරල් කබා දමා තිබියදී සොයාගෙන ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.