fbpx
තවත්
    මුල් පිටුවspecialහයිජැක් වෙන අරගලය

    හයිජැක් වෙන අරගලය

    |🖊️ විමංසා ලංකාප්‍රේම විසිනි|

    සාමකාමී ආදරණීය අරගලය මේ මොහොත වන විට ප්‍රචණ්ඩකාරී ද්වේශ සහගත මුහුණුවරක් ගෙන ඇත. අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක පීඩාවට පත් අහිංසක සාමකාමී  පුරවැසියන් එක්ව සාමකාමීව ඇරඹි, පවත්වාගෙන යන අරගල ව්‍යාපාරයේ අරමුණ අද වෙනස් ව ගොස් ඇත. ඒ බල ලෝභී අවස්ථාවාදී ජාතික සහ ජාත්‍යන්තර අතකොළු වල මෙහෙයවීමෙන් සැබෑ අරගලය හයිජැක් වීම නිසාය.

    අරගලය මේ දුරට ගෙනගියේ සංයමයකින් යුතු අරගලකරුවන් සහ පුරවැසියන් ගේ අරගල කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මැනවින් තේරුම් ගත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විධායකයේ සිටීම නිසාත් ය.

    අරගලය මෙතරම් බිහිසුණු මුහුණුවරක් ගනී යැයි එතුමා වුවද විශ්වාස නොකළේය. එහෙත් සාමකාමී අරගලය බිහිසුණු මුහුණුවරක් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අද රටේ රාජ්‍ය දේපළ වැනසීගොස් ජනජීවිතය අකර්මණ්‍ය වී ඇත. “ආඳා යන්නට යවා වලිගයෙන් ඇල්ලීමේ” ආදීනව හේතුවෙන් මෙම අර්බුදය ඔඩුදිවීමට මග විවර කළ සියලු දෙනා ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

    කපටි උපදේශකයින්ගේ උපදෙස් මත, අසංවේදී ලෙස රාජ්‍ය පාලනය කිරීමත්, ජනතාව විසින් තෝරාපත් කරගත් ජනතා නියෝජිතයින්ගේ නිසි සහයක් ජනපතිට නොලැබීමත්, සිය සහෝදර සමාගමේ සහය පවා නොලැබීමේ අර්බුදය මත මෙය තවත් ඔඩු දිව්වේය.

    මෙම රටේ අර්බුදය වැඩිකළ කාබනික කෘෂිකර්මය වෙත යොමු වීමේ වැරදි තීරණය සඳහා ජනපති ගෝඨාභයට උපදෙස් දී රටම අවුලෙන් අවුලට පත් කල අතුරලියේ රතන හිමි, අනුරුද්ධ පාදෙනිය, සිරිමල් ප්‍රේමකුමාර, ප්‍රියන්ත යාපා ට එල්ලවන චෝදනා මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත යුතුය.

    මොවුන් සිව්දෙනා රට අගාධයකට හෙළුවේයැයි චෝදනාවට පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතුය. එමෙන්ම චීන අසූචි නැවට වන්දි ලෙස විශාල මුදලක් ගෙවීම් කළ සියළුම නිළධාරීන් එහිදී කළ වංචාව යට නොගසා හෙළිකර ගත යුතුය. එමතු නොව, ජාතික ප්‍රතිපත්ති නොමැති වීම හේතුවෙන් එක් පාලනයක් ගත් තීන්දු ආපස්සට හැරවීමෙන් වන්දි ලෙසද, පරිභෝජනය සඳහා අතීතයේ සිට ගත් ණය සඳහා ණයවාරික ලෙසද විශාල විදේශ විනිමයක් රටෙන් පිටතට ගලා යෑමද මෙම අර්බුදය තීව්‍ර කරවන්නක් විය. මාධ්‍ය හිමිකරුවන්ගේ පෞද්ගලික ඇජෙන්ඩා අනුව හසුරවන මාධ්‍ය සහ අයාලේ යන සමාජ මාධ්‍ය මේ අර්බුදය ඔඩුදිවීමට උපකාරී වී ඇත.

    අරගලය සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන බොහෝමයක් දෙනා තම අතපිස ලීමට දැන් කටයුතු කරති. අරගලයට නීත්‍යානුකූල බවක් ගෙනදුන් නීතීඥ සංගමය මේවන විට අරගලය තුලින් කෙමෙන් ඉවත්වීම සඳහා කල්‍ යල් බලමින් සිටී. අහිංසක අරගලයකට මිස ප්‍රචණ්ඩ අරගලයකට සහයෝගය නොදීමට ඔවුන් කටයුතු කරන බව දන්වා ඇත.

    එලෙසම අරගලය වෙත අර්ථයෙන් ධර්මයෙන් අනුශාස කළ බව කියූ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අද සමාජ මාධ්‍ය හරහා කරන ප්‍රකාශ ජනතාව දෙවිදියකින් දකිති.අනුරුද්ධ පාදෙනියට මෙන්ම නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස්ට ද එවැනිම චෝදනා තිබේ.

    අද වනවිට අරගලයට වක්‍රාකාරයෙන් හෝ දුන් සහයෙන් නික්මීමට නීතීඥ සංගමය කටයුතු කර‍යි නම් ඔවුන්ගේ “බිග්බොස්”ලා අනාවරණය කරගැනීම ද වටී.

    ජවිපෙ වසන්ත සමරසිංහට අරගල භූමියේ එල්ල වූ ප්‍රහාරය දේශපාලන පක්ෂ අතර අර්බුදය උඩ දිවීමටත් අරගලයේ අයිතිය බෙදා ගැනීමටත් නොහැකිව සිදු වූ ඝට්ටනයකි.

    අරගලයේ හෑෂ් ටැග් පියා වන පැතුම් කර්නර් අද අරගලය තම අතට ගැනීමට ගොස් පාරාජිත වී ඇත.

    අන්තරේ, පෙරටුගාමී සහ ජවිපෙ කාඩරය හමුවේ කර්නර්ගේ සිහින බොඳ වෙමින් තිබේ. කර්නර් ද අතනින් මෙතනට ජනතාව බිල්ලට දී එය ජවිපෙ පිට දමා බේරීමට යාත්තු කීම අරඹා තිබේ.

    අප සැම අරගල ෆැන්ටසියෙන් අවදිව රටේ අභිවෘද්ධිය සඳහා එක්‍ රොක් වියයුතු කාලය එළැඹ තිබේ.

    සංවාදයට විවෘතයි…

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.