කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් සිටි අරගලකරුවන් පිරිසකට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර විසුරුවා හැරියද මේ වන විට ඔවුන් තර්ස්ටන් විද්‍යාලය පැත්තෙන් මල්පාර ආරම්භවන ස්ථානයේ නතරවී සිටිති.
කොල්ලුපිටිය දෙසින් පැමිණි මෙම පිරිස අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඉදිරිපිට තිබුණු ආරක්ෂක වැටවල් හා බාධක කඩාගෙන ගමන්කර තිබේ. ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවීමෙන් අනතුරුව ඔවුන් ගුවන් හමුදාපතිවරයා මුණ ගැසීමට යාමට පෙළ ගැසී ගමන් කරන්නට විය. එහෙත් එකවරම ඔවුන් මල්පාරේ තර්ස්ටන් විද්‍යාලය පැත්තෙන් ඇති පිවිසුම අසල නතර වී සිටින බව එම ස්ථානයේ රැදී සිටින අප වාර්තාකරුවෙක් සඳහන් කළේය.
මෙම පිරිස මෙසේ රැදී සිටින්නේ යම් පණිවුඩයක් අපේක්ෂාවෙන් බවත් ඒ අනුව ඉදිරියේදී ඔවුන් ගන්නා පියවර තීරණය වනු ඇති බවත් බුද්ධි අංශ සඳහන් කළේය.