කුරුණෑගල මහ නගර සභාවට 2020 වසර තුළ ලැබිය යුතු රුපියල් කෝටි 30 කට වැඩි මුදලක් අය කර ගැනීමට පාලනාධිකාරිය කටයුතු කර නොමැති බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.
විගනන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 2020 වසර සදහා සකස් කර ඇති වාර්තාවක මේ බව සදහන් වේ.
2020 වසර තුළ පමණක් කුරුණෑගල නගර සභාවට ලැබිය යුතු රුපියල් 108,427,329 ක් වන වරිපනම් මුදලක් අය කර ගැනීමට කටයුතු කර නැති බව එම වාර්තාව සදහන් කරයි.
නිසි පරිදි වරිපනම් බදු නොගෙවා ඇති අයවළුන්ගේ දේපල තහනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබූ නමුත් පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් එම කටයුතු ප්‍රමාද වී අති බව නගර සභාව විගනන නිලධාරීන් හමුවේ නිදහසට කරුණු දක්වමින් සදහන් කර ඇත.
නගර සභා සීමාව තුළ පවත්වා ගෙන යන සංචාරක කුලී සහ ලොතරැයි අලවි කුටි වලින් 2020 වසර සදහා ලැබිය යුතු රුපියල් 2,976,122 ක මුදලක්ද කුරුණෑගල නගර සභාව විසින් අය කර ගැනීමට කටයුතු කර නොමැති බවට විගනන නිලධාරීන් තම වාර්තාවේ සදහන් කර ඇත.
2020 වසර තුළ පාරිභෝගිකයින් විසින් පාවිච්චි කර ඇති ජලය සදහා රුපියල් 64,549,182 ක මුදලක් නගර සභාව විසින් අය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර නැත.
එසේ ජල බිල්පත් නොගෙවා ඇති පරිභෝගිකයින් අතරින් 52 කුගේ ජල බිල්පත රුපියල් 75,000 ඉක්මවා ගොස් තිබී ඇත.එම පාරිභෝගිකයින් 52 පමණක් ගෙවීමට ඇති හිග මුදල රුපියල් 28,076,433 ක් බවද විගනන නිලධාරීන් විසින් පෙන්වා දී ඇත.
නිසි පරිදි ජල බිල්පත් නොගෙවා ඇති පාරිභෝගිකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව නගර සභාව සදහන් කරයි.
අධිකරණයෙන් පනවනු ලබන දඩ මුදල් වලින් රුපියල් 7,128,450 ක් සහ මුද්දර ගාස්තු ලෙස රුපියල් 117,314,831 ක මුදලක්ද අය කර ගැනීමට කුරුණෑගල මහා නගර සභාව විධිමත්ව කටයුතු කර නොමැති බවද විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.
இது மட்டும் அல்ல எல்லாம் அரச நிறுவனங்களுக்கும் இந்தப் பொறுப்பு உள்ளது சம்பந்தப்பட்ட அனைத்து பொறுப்பதிகாரிகளும் நாட்டை மேழ்நிலைக்கு கொண்டுவர உழைக்கவும்