අගමැති ලේකම් කාර්යාලය අසලට යමින් සිටි අරගලකරුවන් පිරිසකට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර විසුරුවා හැර තිබේ.
ජනාධිපති මන්දිරයේත්, ගාලුමුවදොර පිටියේත්, ජනාධිපති ලේකම් කාර්යාලයේත්, අරලියගහ මන්දිරයේත් රැදී සිටින අරගලකරුවන්ගෙන් කොටසක් එසේ අගමැති කාර්යාලය දෙසට ගමන්කර ඇත. ඒ අගමැතිවරයාට ඉල්ලා අස්වන්නැයි බලකරමිනි.
කෙසේ වෙතත් මේ වන විට අගමැති කාර්යාලය වැටලීමට ගිය එම පිරිස කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ ආපහු හැරී ගුවන් හමුදාපතිවරයාව මුණ ගැසීමට ගමන් කරමින් සිටින බව බුද්ධි අංශ සඳහන් කරයි. ඒ ජනාධිපතිවරයාට රටින් පිටව යාමට පහසුම් දීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමටය.