මත්පැන් පානයකරමින් සිටි මිතුරන් පිරිසක් විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් පරීක්ෂා කරමින් සිටියදී එය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
මෙම වෙඩි වැදීම සිදුව ඇත්තේ ඌරගස්මංහංදිය කොරකීන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී කාලයේදීය.
වෙඩි වැදුණු පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලටත් මාරුකර යවා තිබේ.
දිල්ෂික ඉරෝෂන් නමැති 27 වියැති අවිවාහක අයකුට මෙසේ වෙඩි වැදී ඇත.
මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටියදී ඔහු ස්ථානයෙන් නැගිට ඒ ආසන්නයට ගොස් සිටියදී තමාට කිසියම් අයෙක් වෙඩි තැබූ බව වෙඩි වැදුණු තරුණයා පොලීසියට පවසා තිබේ.
විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මත්පැන් පානයට පැමිණි ඔහුගේ මිතුරෙක් විසින් එම අවිය රැගෙන විත් පරීක්ෂාකරමින් සිටියදී වෙඩි වැදීමකට ලක්ව ඇති බවය. එම අවියත් ගිනි අවියත් පොලීසිය විසින් සොයා ගැනීමට සමත්ව ඇත.