තවත්
    මුල් පිටුවදේශීය පුවත්කිඹුලා ඇල ප්‍රදීප්ට ජින්තුපිටියේදී වෙඩි ප්‍රහාරයක්

    කිඹුලා ඇල ප්‍රදීප්ට ජින්තුපිටියේදී වෙඩි ප්‍රහාරයක්

    කිඹුලා ඇල ප්‍රදීප් නැමැති සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයෙකුට අද දහවල් කොළඹ ජින්තුපිටියේ හීන්අප්පුහාමි හන්දියේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනක් විසින් වෙඩි තබා පළාගොස් තිබේ.

    එම අවස්ථාවේදී ප්‍රදීප් නැමැත්තාගේ බිරිඳද ඒ අසල සිට ඇත. ඇය පොලීසියට පවසා ඇත්තේ සිය සැමියාට වෙඩි තැබුවේ බ්ලූමැන්ඩල් පැතුම් නැමති පාතාල අපරාධකරු බවය.

    මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබී ප්‍රදීප් නැමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර තිබේ. ඔහුගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇතැයි රෝහල් තොරතුරු සඳහන් කළේය.

    ප්‍රදීපන් නැමැත්තාට එරෙහිව මිනිස් ඝාතන සහ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    පූකුඩුකන්නාගේ සහ කුඩු සෙල්විගේ කණ්ඩායම් දෙක අතර මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට මුල්වන්නට ඇතැයි පොලීසිය සැකකරයි. පූකුඩිකන්නා සිටින්නේ ඉන්දියේ සිර ගෙදරකය. ඔහු ජංගම දුරකතනයක් භාවිතා කරමින් අපරාධ මෙහෙයවමින් සිටිති. ඉකුත් ජුනි 06 වෙනිදා මෝටර අලුත්පාරේ සිදුවූ ඝාතනයද ඔහු විසින් කරවූවක් බව පොලීසිය හෙළිකරගෙන තිබේ.

    කුඩු සෙල්වි නැමැත්තිය පූකුඩිකන්නාගේ ගෝලයින් අතින් මරුමුවට පත්ව ඇති අතර කුඩු සෙල්විගේ කණ්ඩායමට නියකත්වය දැන් දෙන්නේ ඇගේ දරුවන් බව පොලීස් තොරතුරුවල සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img